Friday, May 9, 2014

Payoneer card එකට කෙළ වෙයි! අපේ Paypal ප්‍රශ්න අපිම විසඳ ගනිමුද?


Paypal කියන්නෙ මේ දවස්වල බොහෝ දෙනෙකුගෙ කතාබහට ලක් වෙන මාතෘකාවක්. ළඟදිම ලංකාවට මෙම සේවය දෙන්න යන බව කිව්වත් තව කොච්චර කල් යයිද කියන එක ප්‍රශ්නයක්. Payoneer card එකටත් කෙළ වෙලා තියෙන්න හේතුව තමා ඒකෙන් දෙන US banks virtual banks විදිහට Paypal එකෙන් හඳුනගෙන තිබීම. කාලයක් මේ සඳහා අවසර නොදී නැවත අවසර දීල තිබුණත් දැන් ආයෙමත් මේ ප්‍රශ්නෙ තියනවා. මේ නිසා අළුතෙන් paypal එකට payoneer card එක සම්බන්ධ කරන්නනම් phone verify අත්‍යවශ්‍යයි. පිලිපීනෙ හරි තායිලන්තෙ හරි paypal තියන අපට මොන phone verify ද?


ඒක හින්ද paypal හදපු එකාගෙ අම්මට බැන බැන ඉන්නැතුව අපි එකතු වෙමු. සමහරුන්ට paypal $ විකුණන්න ඕනෙ වෙන්න පුළුවන්. තවත් අයට ebay වගේ දේවල්වලට paypal $ ඕනෙ වෙන්න පුළුවන්. ඒ දෙවිදිහෙම කට්ටිය තමන් $1ක් විකුණන සහ ගන්න අගය එක්ක පහලින් comment කරල යන්න. අපි එකතු වෙලා අපේ ප්‍රශ්න විසඳ ගනිමු නේද?

Tuesday, May 6, 2014

BUX වලින් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද???

මේ ප්‍රශ්නෙට උත්තර දෙකයි. එකක් ඔව් එකක් බෑ. ඒ කොහොමද කියල අපි බලමු.


මමත් මුලින්ම කළේ bux. සල්ලි හෙව්වා. කියන්නත් ලැජ්ජයි. අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා $20ක් විතර!!!!! ඒත් මට ඒකෙන් emoney එපා වුණේ නෑ. emoney කියන්නෙ bux නෙමේ කියල තේරුං ගියාට පස්සෙ තමා ටික ටික දියුණු වෙන්න පටන් ගත්තෙ.

අපි මෙහෙම හිතමු. A කියන කෙනා bux site එකකට join වෙනවා. B, C දෙන්නත් මෙයා යටතෙ join වෙනව referrals විදිහට. එතකොට ඒ දෙන්නගෙ ආදායමෙන් කොටසකුත් Aට. buxවල තනියම සල්ලි හොයන එක කාලෙ කන වැඩක්. bux වලින් සෑහෙන ගානක් හම්බ කරන අයත් ඉන්නවා. හැමෝම කරන්නෙ සුරංගනා ලෝකයක් මවල තමන් යටතෙ කට්ටිය register කරව ගන්න එක. ඒක වැරදි නෑ, හැබැයි සුරංගනා ලෝකයක් මවන එක වැරදියි.

ඔයාලට පුලුවන්නම් ඔයාල යටතෙ 1000ක් 2000ක් වගේ register කරව ගන්න, ඔයා ගොඩ. හැබැයි එයාලටත් මේ කතාව කියන්න මං කිව්ව විදිහටම.එහෙම බැරිනම් bux පැත්ත පලාතෙ යන්නවත් එපා. කාලෙත් අපරාදෙ. data, ලයිට් බිල් ඔක්කොම අපරාදෙ. මතක තියා ගන්න. ස්ථිර වශයෙන් මුදල් ගෙවන අඩවි තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. එහෙනං ඒ මොනවද කියල බලමු ඊලඟ පෝස්ට් එකෙන්. ඔයාලගෙ අදහස් comment කරල යන්න.

Monday, May 5, 2014

Reload නොමිලේ!!!!!!! (ඉක්මන් කරන්න.)


e money ගැන කියනව කියපු මම මේ කියන්න යන්නෙ මොන කුනුහරුපයක්ද කියල ඔයාලට හිතෙන්න පුලුවන්. ඒත් ඉතින් නොමිලෙ reload එකක් දා ගන්න තියනව නම් කොච්චර අපූරුද නේද?

ඔයාලට තියෙන්නෙ මම දෙන site එකට ගිහින් එයාල අහල තියන ප්‍රශ්නෙට උත්තරේ sms කරන එක විතරයි. දවසින් දවස මේ ප්‍රශ්නෙ වෙනස් වෙනවා. phone එකේ credit නැත්නං එයාලගෙ free sms එක use කරන්න පුළුවන්. දවසට හය දෙනෙකුට නොමිලේ reload දෙනවා. හැමදාම උත්තර දුන්නොත් සතියකට සැරයක්වත් reload එකක් ෂුවර්!

********සාමාජිකයන් සංඛ්‍යාව වැඩි වෙන්න කලින් වැඩේ පටන් ගත්තොත් වාසි ඔයාලටයි!!!!!!!

site එකට මෙතනින් යන්න.

Saturday, May 3, 2014

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද?


අන්තර්ජාල මුදල්, එහෙමත් නැත්නම් e money කියන්නෙ අද වෙනකොට බොහෝ දෙනෙකුගෙ අවධානය යොමු වෙලා තියන මාතෘකාවක්. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන්ද කියල ඇහුවොත් අනිවාර්යෙන්ම ඔව් කියන එක තමා ඒකට දෙන්න තියන උත්තරේ. හැබැයි මේක කම්මැලිකමට ඉඳන් කරන්න පුලුවන් වැඩක් නෙමේ. ඉස්සරලාම ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ටික කාලයක් යනකොට එතරම් අපහසුවක් නැතිව මේ වැඩේ කරගෙන යන්න ඔබට පුළුවන්.

මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ වෙන කිසි ම කෙනෙක් නොකියන e money secrets ගැන ඔබලාට කියා දීම. ඒ හින්ද මගේ මහන්සියට ප්‍රතිචාරයක් විදිහට comment එකක් දාල follow කරල යන්න අමතක කරන්න එපා. ඒ වගේම ගැටලු තියන අයට ඒ හැම දෙයක් ගැනම අහන්නත් පුලුවන්.

මමත් මුලදි සෑහෙන කාලයක් සතෙන් සතේ එකතු කලා. පස්සෙ තමා තේරුම් ගත්තෙ ඒ හැම දෙයක්ම මුලාවක් බව. අඩුම ගානෙ data වලට ගිය මුදලවත් හොයා ගන්න මට බැරි වුනා. අද මම මේ ලියන්නේ ඒ දිගු කාලය පුරා ලබා ගත්ත අද්දැකීම් ඇසුරෙන්. ඒ නිසා ඔයාලට පුලුවන් අද මම ලබල තියන සාර්ථකත්වයට පියවරෙන් පියවර බොරු වළවල් වල නොවැටී එන්න. ඒ පාර වගේම ඒ පාරෙ තියන බොරු වළවල් ගැනත්  ඊලඟ post එකේ ඉඳන් අපි කතා කරමු. එහෙනම් අදට නවතිනවා.

* අවධානයෙන් ඉන්න. ඉදිරියට යන විට ඔබට අවශ්‍ය විය හැකි සහයෝගයන් ලබා දීමට මෙන්ම මගේ යම් යම් e money කටයුතු සඳහා අවශ්‍ය කරන සහායකයන් තෝරා ගැනීමටත් මම සූදානම්. උනන්දුව ඇති අයට ඒ හා සම්බන්ධ විය හැකියි.