Tuesday, May 6, 2014

BUX වලින් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද???

මේ ප්‍රශ්නෙට උත්තර දෙකයි. එකක් ඔව් එකක් බෑ. ඒ කොහොමද කියල අපි බලමු.


මමත් මුලින්ම කළේ bux. සල්ලි හෙව්වා. කියන්නත් ලැජ්ජයි. අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා $20ක් විතර!!!!! ඒත් මට ඒකෙන් emoney එපා වුණේ නෑ. emoney කියන්නෙ bux නෙමේ කියල තේරුං ගියාට පස්සෙ තමා ටික ටික දියුණු වෙන්න පටන් ගත්තෙ.

අපි මෙහෙම හිතමු. A කියන කෙනා bux site එකකට join වෙනවා. B, C දෙන්නත් මෙයා යටතෙ join වෙනව referrals විදිහට. එතකොට ඒ දෙන්නගෙ ආදායමෙන් කොටසකුත් Aට. buxවල තනියම සල්ලි හොයන එක කාලෙ කන වැඩක්. bux වලින් සෑහෙන ගානක් හම්බ කරන අයත් ඉන්නවා. හැමෝම කරන්නෙ සුරංගනා ලෝකයක් මවල තමන් යටතෙ කට්ටිය register කරව ගන්න එක. ඒක වැරදි නෑ, හැබැයි සුරංගනා ලෝකයක් මවන එක වැරදියි.

ඔයාලට පුලුවන්නම් ඔයාල යටතෙ 1000ක් 2000ක් වගේ register කරව ගන්න, ඔයා ගොඩ. හැබැයි එයාලටත් මේ කතාව කියන්න මං කිව්ව විදිහටම.එහෙම බැරිනම් bux පැත්ත පලාතෙ යන්නවත් එපා. කාලෙත් අපරාදෙ. data, ලයිට් බිල් ඔක්කොම අපරාදෙ. මතක තියා ගන්න. ස්ථිර වශයෙන් මුදල් ගෙවන අඩවි තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. එහෙනං ඒ මොනවද කියල බලමු ඊලඟ පෝස්ට් එකෙන්. ඔයාලගෙ අදහස් comment කරල යන්න.

No comments:

Post a Comment