Saturday, May 3, 2014

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද?


අන්තර්ජාල මුදල්, එහෙමත් නැත්නම් e money කියන්නෙ අද වෙනකොට බොහෝ දෙනෙකුගෙ අවධානය යොමු වෙලා තියන මාතෘකාවක්. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන්ද කියල ඇහුවොත් අනිවාර්යෙන්ම ඔව් කියන එක තමා ඒකට දෙන්න තියන උත්තරේ. හැබැයි මේක කම්මැලිකමට ඉඳන් කරන්න පුලුවන් වැඩක් නෙමේ. ඉස්සරලාම ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ටික කාලයක් යනකොට එතරම් අපහසුවක් නැතිව මේ වැඩේ කරගෙන යන්න ඔබට පුළුවන්.

මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ වෙන කිසි ම කෙනෙක් නොකියන e money secrets ගැන ඔබලාට කියා දීම. ඒ හින්ද මගේ මහන්සියට ප්‍රතිචාරයක් විදිහට comment එකක් දාල follow කරල යන්න අමතක කරන්න එපා. ඒ වගේම ගැටලු තියන අයට ඒ හැම දෙයක් ගැනම අහන්නත් පුලුවන්.

මමත් මුලදි සෑහෙන කාලයක් සතෙන් සතේ එකතු කලා. පස්සෙ තමා තේරුම් ගත්තෙ ඒ හැම දෙයක්ම මුලාවක් බව. අඩුම ගානෙ data වලට ගිය මුදලවත් හොයා ගන්න මට බැරි වුනා. අද මම මේ ලියන්නේ ඒ දිගු කාලය පුරා ලබා ගත්ත අද්දැකීම් ඇසුරෙන්. ඒ නිසා ඔයාලට පුලුවන් අද මම ලබල තියන සාර්ථකත්වයට පියවරෙන් පියවර බොරු වළවල් වල නොවැටී එන්න. ඒ පාර වගේම ඒ පාරෙ තියන බොරු වළවල් ගැනත්  ඊලඟ post එකේ ඉඳන් අපි කතා කරමු. එහෙනම් අදට නවතිනවා.

* අවධානයෙන් ඉන්න. ඉදිරියට යන විට ඔබට අවශ්‍ය විය හැකි සහයෝගයන් ලබා දීමට මෙන්ම මගේ යම් යම් e money කටයුතු සඳහා අවශ්‍ය කරන සහායකයන් තෝරා ගැනීමටත් මම සූදානම්. උනන්දුව ඇති අයට ඒ හා සම්බන්ධ විය හැකියි.

No comments:

Post a Comment